
ශරිර සෞඛ්‍ය රැක ගන්න ව්‍යායාම අවශ්‍යයි. ව්යායාමේදි ශරිරය තුළට වැඩිපුර ඔක්සිජන් වායුව ලබා ගන්නවා. මෙලෙස ලැබෙන වැඩි ඔක්සිජන් ප්‍රමාණය රුධිර වෙත සැපයිමට හදවත් නාළ පිම්බෙනවා.ව්‍යායාමයෙන් පසු නැවතත් මෙම නාළ හැකිලිම මගින් සමාන්‍ය තත්වයට පත් වෙනවා.මෙලෙස හදවතට ඇතුළුවන වැඩිපුර ඔක්සිජන් ඊට නපුරුව ක්‍රියාකරන බව පර්යේෂකයන් පිරිසක් අනාවරණය කරගෙන මේ පිලිබදව ඇමරිකාවේ පෙන්සිල්වේනියා සරසවියේ සුල් විනෙග්රඩ් ඇතුළු පිරිසක් අවධානය යොමු කළා.ඔවුන් මෙය සිදු කලේ මියන් ඇසුරෙනුයි.විවිධ ඔක්සිජන් සාන්ද්‍රණ සහිත වර්ධක මාධ්‍ය වලට මීයන්ගේ හෘත් පේශි සෛල දැමුවා.මෙහිදි නාළ පිම්බිමේදි ද සහ නාළ හැකිලිමේ සිදුවන ක්‍රියාකාරිත්වය ඔවුන් නිරික්ෂණය කළා.එහිදි හෘදයට ඇතුළු වන අතිරික්ත ඔක්සිජන් හෘත් පේශි සෛල තුළදි නිදහස් අංශු බවට පත් කරන බවත් එය හෘදයේ සහ හෘද නාළවල ආස්තරණය විනාශ කරන බවත් ඔවුන්ට පෙනි ගියා.මෙමගින් හදවත් රෝග ඇතිවිමේ අවදානමක් මතුවන බව ඔවුන් පවසනවා.




good article