Focus අවධානය

සිටියොත් අවධානයෙන් නැ එන්නේ ආයෙත් මැලේරියාව

Vidusamaya August-2017 www.tap.lk

මැලේරියාව ගැන මෑත ඉතිහාසයේ කථා කලා නම් එය සිදුවුයේ 2016 සැප්තෑම්බර් මස 05 වන දින ලංකාව මැලේරියාවෙන් තොර රටක් ‍ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කිරිමත් සමගය.ඈත අතිතයේ පටන් ශ්‍රි ලංකාව මැලේරියාවෙන් බැට කෑ බවට සාධක තිබේ. අතීතයේ ලංකාවේ රාජධානි මාරු විමටද මැලේරියාව හේතු වු බවට මතයක් පවතිනවා.පසුගිය ශතවර්ෂය සලකන කල රට තුල ප්‍රබලතම මැලේරියා වසංගතය ඇතිවි ඇත්තේ 1934 – 1935 අතර කාලයේදිය.එහිදි ලක්ෂ පනහක් ඉක්මවු ජනතාවක් මෙම රෝගයට ගොදුරු වි තිබෙනවා.ඉන් පසු 1963 වසරේදි මැලේරියා රෝගින් 17 ක් පමණ වාර්තා වු අතර ඉන් 11 දෙනෙක්ම ශ්‍රි ලංකාවට පිටතින් පැමිණි රෝගින් විය.එම අවස්ථාවේදි ශ්‍රි ලංකාවේ මැලේරියා තුරන් කිරිමට ඉතා ඉහල හැකියාවක් පැවතුනි.නමුත් මැලේරියාව තව දුරටත් රටට හානි දායක නොවන බව සැළකු බලධාරින් මැලේරියාව සදහා වෙන් කර තිබු සම්පත් වෙනත් කටයුතු සදහා වෙන් කරන්නට කටයුතු කලා.එහි ප්‍රතිඵලය වුයේ 1967-1968 වසර වල ලක්ෂ 5ට ආසන්න මැලේරියා රෝගින් සංඛ්‍යාවක් වර්තාවි රටතුල මැලේරියා වසංගතයක් ඇතිවිමයි.නැවතත් 1986-1987 වකවානුව තුළ ලක්ෂ 6 වඩා වැඩි මැලේරියා රෝගින් ගණනක් රට තුල වාර්තා වී වසංගත තත්වයක් ඇතිවිය.

ශ්‍රි ලංකාව තුල අවසන් මැලෙරියා වසංගත තත්වය ඇතිවුයේ 1991-2001 වකවානුව තුල වන අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ එකල බෙදුම්වාදි යුද්ධය පැවති උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල සිඝ්‍රයෙන් මැලේරියාව පැතිර යාම හා එයට ප්‍රතීකාර කිරිමට රෝගින් වෙත ලගා විමට අපහසු විමය. කෙසේ වෙතත් 1997 දි ලෝක බැංකු ආධාර ඇතිව විශේෂ මැලේරියා මර්දන වැඩ පිළිවෙලක් රට තුල ආරම්භ විය. තවද 2003 වසරේදි එඩ්ස්, ක්ෂය, රෝගය හා මැලේරියාව මර්දනය සදහා වන ලෝක අරමුදලේ සහයෝගය ද ශ්‍රි ලංකාවට ලැබුණි.

2009 වසරේ සිට මැලේරියාව තුරන් කිරිමේ වැඩ සටහනක් රජය හා පෞද්ගලික ආයතන කිහිපයක එකමුතුවෙන් ඇරඹුණ අතර එම වැඩ සටහනට ද මුල්‍ය සහය ලෝක අරමුදලෙන් හිමි විය. බෙදුමීවාදි යුද්ධය නිමා විම මැලේරියාව තුරන් කිරිමේ වැඩ සටහන රටේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල හෝදින් ක්‍රියාත්මක විමට මහත් රුකුලක් විය. එහි ප්‍රතිඵලය ලෙස 2012 ඔක්තෝම්බර් මසශ්‍රි ලංකාවෙන් අවසන් ප්‍රදේශගත මැලේරියා රෝගියා චර්ථා වු අතර එතැන් පටන් වසර 3 ක් තුල රට තුල ප්‍රදේශ ගත රෝගියෙකු වර්ථා නොවු අතර ශ්‍රි ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබා ගැනිමට හැකිවිය.දැන් ශ්‍රි ලංකාව හමුවේ ප්‍රධානතම අභියෝගය වන්නේ මෙම සහතිකය ඉදිරියට පවත්වා ගැනිමයි.පසුගිය වසර කිහිපය සැළකු විට ප්‍රදේශගත මැලේරියා රෝගින් ලංකාවෙන් හමු නොවුනාත් වෙනත් රටවලින් මැලේරියාව සැදි ලංකාවට පැමිණෙන රෝගින්ගේ වාර්තා විම නොකඩවා දක්නට ලැබෙනවා.( 2016-36,2015-36,2014-49, සහ 2013-95 ) මින් වැඩි දෙනා අසියානු හෝ අප්‍රිකානු හෝ දකුණු අප්‍රිකානු රටවල සංචාරය කර පැමිණෙන ශ්‍රි ලංකිකයන්ය.ලංකාවේන් වාර්ථා වු විදේශිය මැලේරියා රෝගින් අතරින් බහුතරයක් ඉන්දියානුවන් හා පකිස්තානු ජාතිකයන්ය.

ශ්‍රි ලංකාව තුල යුද්ධය නතර විම හේතුවෙන් රට තුල බොහෝ විදේශිකයින් පැමිණිමේ ප්‍රවනතාවය බොහෝ ඉහල ගොස් තිබෙනවා.එම විදේශකයන් සමහරක් මැලේරියාව සහිත රටවලින් හෝ මැලේරියාව සහිත රටක සංචාරය කර පසුව ලංකාවට පැමිණි අය වන අතර එවැනි අයට මැලේරියාව වැලදිමට ඉඩ ඇති අතර ඔවුන්ගෙන් නැවත රට තුලට මැලේරියාව පැමිණිමට ඉඩ තිබෙනවා.ශ්‍රි ලංකාව තුල මැලේරියා රෝගින් අඩු වුවත් මැලේරියාව ගෙන ‍යන ප්‍රථමීක වාහක මදුරුවා   ( Anopheles culicifacies      ) සහ වෙනත් ද්විතික මැලේරියා වාහක මදුරුවන් රටේ විවිධ ප්‍රදේශ වලින් තවමත් හමුවෙනවා.මින් අදහස් වන්නේ ශ්‍රි ලංකාවට පිටරටකින් මැලේරියා රෝගියෙකු පැමිණිවිටඔහුගෙන් රටතුල මැලේරියාව පැතිර යාමට ඉහල හැකියාවක් පවතින බවයි.කෙසේ වෙතත් මැලේරියා රෝගියෙකු වාර්තා වුවහොත් සෞඛ්‍ය දේපර්තමේන්තුව මගින් රෝගය පැතිර යාම  වැළැක්විමට විශේෂිත වැඩපිළිවෙලක් ප්‍රදේශිය මැලේරියා කාර්යාල හරහා ක්‍රියාත්මක කරයි.මැලේරියාව ශ්‍රි ලංකාව තුල නැවත ඇතිවිම වැළක්විමට

මහජනතාවගේ සහයෝගය අනිවාරයෙන් ලැබිය යුතු වෙනවා.විශේෂයෙන් පැය 48 ට වරක් වෙව්ලා උණ ගැනිමක් සදහා ප්‍රතිකාර ගැනිමටවෛද්‍යවරයා හමුවිමට යන්නේ නම් ඔබ වසරක් තුල පිටරට සංචාරය කර ඇත්නම් එ ඔබේ වෛද්‍යවරයාට පැවසිය යුතු වෙනවා. තවද ඔබ මැලේරියාව සහිත රටක යන්නේනම් එ සදහා මැලේරියාව සැදිමේ වැලැක්විමේ ප්‍රතිකාර ප්‍රාදේශිය මැලේරියා කාර්යයල මගින් හෝ කොළඹ මැලේරියා මර්දන එකකයෙන් නොමිලේම ලබා ගැනිමට  වග බලා ගැනිම ඔබටත් රටටත් ඉතා වැදගත්ය.මැලේරියාව ශ්‍රි ලංකාවෙන් තුරන් කිරිමට වසර සිය ගණනක් ගිය බව සැබැය.මැලේරියාව හේතුවෙන් රටේ විශාල ආර්ථික පරිහානියකි වු බව සැබෑය.නමුත් දැන් ශ්‍රි ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝකයේම පිලිගැනිමට ලක්ව ඇත.එ‍සේ නම් ශ්‍රි ලංකිකයන් ලෙස රටතුල නැවත මැලේරියාව ඇතිවිම වැලැක්විමට සැවෝම එකාවන්ව කැප වි එහි ප්‍රතිලාභ අත්විදිමු.

සටහන මිහිදු සංජිව

Show More

Related Articles

Leave a Reply

Back to top button