Expose අනාවරණයTechnology

වී බිස්ස

Vee Bissa-Vidusamaya Science Magazine-November

වසර දෙදහස් පන්සියකට වඩා ඈත ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අපේ රට ඒ යුගයට සාපෙක්ෂව ඉතා දියුණු තාක්ෂණයක් භාවිතා විම අප සෙසු ලෝකයට වඩා ඉදිරියෙන් සිටිමට හේතු විය. ඒ දවස තාක්ෂණය අපටම අනන්‍ය වු සංස්කෟතිකාංග සමග බද්ධ වි තිබු නිසා එය දියුණුවට ලක්විය. පුරාණ දේශිය ගොවියාගේ අස්වැන්න ගබඩා කිරිම සදහා එ දවස යොදා ගත් දියුණු තාක්ෂණයකින් යුතු ගබඩා ක්‍රමයකි වී බිස්ස.
ඈත අතීතයේ ගොවිතැන ඉතා දියුණු තත්වයක පැවති අතර අස්වැන්න කෟමි සතුන්ගෙන්, ජලයෙන් හා වෙනත් පරිසර තත්ව වලින් ආරක්ෂා කර ගැනිමට ඔවුන්ට අවශ්‍ය විය. මේ නිසා දියුණු පසු අස්වනු සංරක්ෂණ ක්‍රමයක් ලෙස වී බිස්ස නිර්මාණය කිරිම සිදුවුනා. එකල වී බිස්සක් පැවති නිවසකට හා එහි වැසියන්ට සුවිශේෂ සමාජ වටිනාකමක් ලැබි තිබුණා. වී බිස්සක් නොතිබුණු ගොවි ගෙදරක් එතරම් හොද ආර්ථිකයක් තියෙන නිවසක් ලෙස සැලකුවේ නැ.
වී බිස්සක් සැදිමේදි ප්‍රථමයෙන් සිදුකරනු ලබන්නේ පාදම සකස් කර ගැනිමය.මෙහිදි පාදම ලෙස කණු සකස් කිරිම සිදුකරන අතර එ සදහා අඩි 2 ක් 3 අතර ප්‍රමාණයකින් උසකින් යුතු ගල් කණු හෝ ශක්තිමත් දැව භාවිතා කරනු ලබේ. මෙම කණු මත වී බිස්ස සෑදිම නිසා පොළොව මතු පිට සිදුවන ජලය ගලා යැමේ වැනි විවිධ සිදුවිම් මෙන්ම පොළොව මතු පිට ජිවත් වෙන විවිධ කෘමි සතුන් හා ක්ෂුද්‍ර ජිවින්ගෙන් වි බිස්සේ ඇති වී වලට හානි කර බලපැමක් සිදු වන්නේ නැ.
පාදමට ඉහලින් නිර්මාණය කරන්නේ බිහි තට්ටුවයි. මෙය ශක්තිමත් දැවයෙන් නිපදවයි. මේ නිසා විශාල ප්‍රමාණයක වී තොගයක්ම වී බිස්සේ ගබඩා කර තැබිමට හැකිවේ. බිහි තට්ටුවට ඉහලින් බිහි කූඩය සදා තියෙනවා. මෙහි බිහි කූඩය සාදා ඇත්තේ වැල් සහ කොටු පදම් කරගෙනයි. මෙම පදම් කිරිමේ තාක්ෂණය කොතරම් දියුණු දැයි සදහන් කරනවානම් වී බිස්සට කිසිදු කෘමියෙකුගෙන් හානි විම වැළක්විම මෙන්ම මෙමබිහි කූඩයට ජලයට නිරාවරණය නොවුන හොත් වසර සියයකට වඩා වැඩි කාලයක් වුවත්හොදින් ආරක්ෂා වි පවතිනවා.
මෙහි බිහි කූඩය ඇතුලතින් හා පිටතින් තූනි මැටි තට්ටු දෙකකින් ආවරණය කර තිබෙනවා. මෙම ආවරණය කිරිම යොදා ගන්නේ රතූ හුඹස් මැටි වන අතර එම මැටි ඉතා ශක්තිමත් වන අතර කාලයත් සමග පතුරු ගැලවී යන්නෙත් නැ. මෙම සියුම් අංශු වලින් යුතු මැටි ආවරණ නිසා කූඩා කෘමින්ට ගබඩා කර ඇති වීවලට හානි කිරිමට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙම මැටි තට්ටුව නිසා වී ගබඩා කිරිමෙදි එම වී වල ජිව ගුණය නොනැසි පවත්වා ගැනිමට ද හැකියාවක් ලැබි තියෙනවා. මේ හැකියාව ලැබි ඇත්තේ මැටි අංශු අතර ඇති සියුම් සිදුරු මගින් හොදින් වාත්‍රශය ඇතුලත ගබඩා කර ඇති වි වලට ලැබිමය. මේ නිසා බිත්තර වී ඉතා හොදින් ගබඩා කිරිමේ හැකියාවෙන්ද වී බිස්ස පරිපුරණය.
වී බිස්සේ බද නිර්මාණය කර ඇත්තේ කවාකාර පීප්ප හැඩයකින්ය. මේ සුවිශේෂි හැඩය නිසා ඇතුලත ගබඩා කර ඇති වී වලට හොදින් වාත්‍රශය ලැබිමද ඉහල සිදුරු කුඩා විම නිසා පිටතින් ජලය ඇතුළු විමට ඇති ඉඩ කඩ සිමාකිරිමටද හැකියාව ලැබි තිබෙනවා. මෙම නිසා වී වල තෙතමනය වැඩි වි පුස් කෑම වැලකිම සිදුවෙනවා.
වී බිස්සේ වී ගබඩා කරන විට ගැමියන් එ තුලට වී සමග කොහොඹ,කදුරු,නික,දෙහි වැනි ශාක වල පත්‍ර එකතු කරයි. එසේම වී බිස්සේ මුදුනේ කොහොඹ කොළ තට්ටුවක් අසුරා තබයි. මෙම ශාක පත්‍ර වල ඇති කෘමිනාශක බලය නිසා වී වලට හානි කිරිමට පැමිණෙන බොහෝ කෘමින් විනාශ විම හා පළවා හැරිම සිදුවිය.
වී බිස්සේ ඉහලින් පිදුරු ඉලුක් වැනි දේ යොදා ශක්තිමත් කවාකාර වහලක් නිර්මාණය කර ඇත. මෙම වාහලේ ඇති බැවුම හා එය වී බිස්සේ බදේ සිට පිටතට විහිදෙන දිග අනුව කිසිදු විට වී බිස්සේ පාදම සිමාවට වැසි වතුර හෝ හිරිකඩ වැදිම හෝ පවා වලක්වා තිබුණා. මේ නිසා එහි හැඩය හා විශාලත්වය මගින් වී බිස්ස සම්පුරණයෙන්ම වර්ෂා ජලයෙන් ආරක්ෂා කර තිබෙනවා. කාලයක් සමග සාමාන්‍ය වී බිස්සද විවිධ වෙනස්කම් වලට ලක්වි විශේෂිත ආකාරයන්ට අනුවර්තනය වි තිබෙනවා.
මෙවැනි අතීත සංස්කෘතික උරුමයන් මෙන්ම ඒවායේ විද්‍යාත්මක පසුබිම සාකච්ඡාවට බදුන් කිරිම තුලින් වර්තමාන ජන සමාජයටත් මතු පරපුරටත් අපගේ සංස්කෘතියේ පැවැති දියුණු තාක්ෂණික පසුබිම හා ඒ දචස අපගේ මිතුන් මිත්තන්ට ලොව අග්‍රගහණ්‍යය ශිෂ්ඨාචාරයක් බිහිකරන්නට හැකිවු ආකාරය මෙන්ම වර්තමානයේ අප පාලකයන් වෙනත් රටවල තාක්ෂණයන් පසුපස හබා යැමෙන් බලාපොරොත්තු වන දියුණුව හා ස්ථාවරත්වය ගොඩනංවා ගැනිම කොතරම් සත්‍යයෙන් දුරස්ථ බවත් අවබෝධ කර දෙනු ඇත.
Vidusamaya Science Magazine-November

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close