
බෙල්ලෙකුගේ ශරිරය තුල මුතු සැදිම ඉතා අපුර්ව සිදුවීමක්.මුතු ඇටයක් සැදීම ආරම්භවෙන්නේ සරල ක්‍රියාවකින්.බෙල්ලාගේ දේහය තුළට වැලි කැටයක් හෝ එවැනි දෘඩ යමක් පහසුවෙන් ඇතුළු විය හැක.ඔවුන්ගේ දේහය බෙහෙවින් සරලයි.මෙසේ ඇතුළුවු දෘඩ වස්තුව වටා දේහයේ සෛල වලින් සුවිශේෂ රසායන ද්‍රව්‍යයක් ස්රාවය වෙනවා.මුතු සැදෙන්නේ මේ ද්‍රව්‍යය නිසායි.එය හදුන්වන්නේ නාකර් (Nacre) ලෙස.මෙම නාකර් ස්තර ඉතා විශාල සංඛ්‍යාවක් දිර්ඝකාලයක් තැන්පත් වීමෙන් මුතු ඇටය නිර්මාණය වෙනවා.මුතු බෙල්ලාගේ ප්‍රභේදය අනුව මුතු ඇටයේ වර්ණය,ප්‍රමාණය,හැඩය හා දීප්තිය වෙනස් වෙනවා.මෙසේ සෑදේන තරමක් විශාල ගෝලාකාර මුතු ඇටයක් ඉතා වටිනා දියමන්තියකටත් වඩා වටිනාකමින් වැඩියි.
science Magazine Sri Lanka Vidusamaya-September